WELCOME TO THE ESTATE OF GSNET.GIVING ENTERTAINTMENT EVERYTIME.JOIN WITH US.IT'S FOR YOU.....

windows xp විනාඩි 10 install කරන්න


අපි දැන් වින්ඩොස් එක්ස්පී CD එක දාලා සාමාන්‍ය විදිහට Format කරගෙන යන්න දෙන්න. ඔහොම ගිහිල්ලා ඔයාලගේ පරිගණකය එක තැනකදි Restart වෙනවා. ඊට පස්සේ පහල තිර සටහනේ පේනවා වගේ තිරයක් ඔබට ලැබෙයි.




දැන් ඔයාලා SHIFT + F10 ඔබන්න. දැන් අපිට Command Prompt එක ඕපන් වෙනවා. එකේ ඔයාලා taskmgr කියලා ටයිප් කරලා එන්ටර් කරන්න.

දැන් ඔයාලාට Task Manager එක ඕපන් වෙනවා. එතනින් දැනට පරිගණකයේ Run වන සියලුම Programmes පෙන්නනවා. එතන තියෙනවා setup.exe කියලා එකක්. එක උඩ Right Click කරලා Priority කියන එක Highest ලෙස ලබාදෙන්න.



ඊට පස්සේ Task Manager එක Close කරලා, විනාඩි 9 ක් වගේ කාලයකදි ඔක්කොම වැඩ ටික ඉවරවෙයි.. ( වේලාව පරිගණකයෙන් පරිගණකයට වෙනස් විය හැක )

ඕකෙන් අපිට විනාඩි 39ක්ම ඉතිරි කරගන්න පුලුවන්..

ඉතින්, ඔයාලාත් Computer එක Format කරනවානම් මේ වැඩේ කරලා බලන්න.
ඔබ අතින් හෝ ඔබේ පරිගණකයේ ප්‍රශ්නයක් නිසා හෝ ඔබේ පරිගණකයට හානි වුවහොත් මම වගකියන්නේ නැත.

Bookmark the permalink.

Leave a reply