WELCOME TO THE ESTATE OF GSNET.GIVING ENTERTAINTMENT EVERYTIME.JOIN WITH US.IT'S FOR YOU.....

Archive for 2011

Facebook එකවුන්ට් එක හැක් කරපු වෙලේම දැනගමුද?


 

මාතෘකාව දැක්කම නම් හිතාගන්න පුලුවන්නේ කොහොම දෙයක්ද කියල දෙන්න යන්නේ කියලා. . ඉතිං මේකට හොඳම ආරක්ෂක විධි විධාන අපිට ෆේස්බුක් එක විසින්ම ලබා දීල තියෙනවා. සමහර අයනම් මේ ගැන දන්නවත් ඇති. ඒත් මේ කියල දෙන්නේ නොදන්නා අයටයි. එහෙනම් බලාගන්න.
මේකෙන් වෙන්නේ ඔයාගේ එකවුන්ට් එක කවුරැ හරි හැක් කරන්න හරි නැත්නම් වෙන කෙනෙක් ඔයාගේ එකවුන්ට් එකට ඇතුලු උන ගමන්ම ඔයාගේ ජංගම දුරකථනයට ඒ වෙලේම ටෙක්ස් මැසේජ් එකක් එනවා. ඉතිං අපි බලමු ඒ ෆියුචර් එක අපි කොහොමද අපේ එකවුන්ට් එකට ඇතුලත් කරගන්නා ආකාරය. ඔන්න පින්තූරත් එක්කම මම ඔයාලට දාල තියෙනවා.


මුලින්ම ඔයාලගේ එකවුන්ට් එකට ලොග් වෙලා Account වල තියෙන Account Settings වලට යන්න.

ඊට පස්සේ එකවුන්ට් සෙටින්ග්ස් වල තියෙන Account Security කියන එක උඩින් ක්ලික් කරන්න. එතකොට පල්ලෙහා රෑපෙ විදිහට එකක් ඕපන් වෙයි.
Account Settings ----> Account Security

දැන් ඔයාලට ඕපන් උනු වින්ඩෝ එකේ Send Me a Text Message කියන එක ඉස්සරහින් තියෙන කොටුව උඩ ක්ලික් කරන්න. එතකොට ඒ කොටුවේ හරි ලකුණක් වැටෙයි. ඊට පස්සේ Save බට්න් එක ක්ලික් කරන්න.
Account Security ---> Send me a Text Message ----> Save

සේව් කරල ඉවර වෙලා ඔයාල ලොග් අවුට් වෙලා ආයෙත් ලොග් වෙන්න. එතකොට ඔයාලව රෙජිස්ටර් කරන්න හදනවා. එතනට ඔයාගේ ඔයාගේ පරිගණකයේ නම ලබා දෙන්න.

දැං ඉතින් කවුරැ හරි වෙන කෙනෙක් ඔයාගේ එකවුන්ට් එකට ලොග් උනොත් හරි , හැක් කරන්න හැදුවොත් හරි ඔයාගේ ජංගම දුරකථනයට හරි නැත්නම් ඔයාගේ ඊමේල් ලිපිනයට හරි මැසේජ් එකක් එනවා. 
( ජංගම දුරකතනයට මැසේජ් එකක් එන්නේ ඔයා ෆේස්බුක් එකේ මොබයිල් මැසේජ් සෙට් කරං තියෙනවනම් විතරයි)

blogshan

Leave a comment

Sony Ericsson, Nokia Phones වල GPS වැඩ නැත්නම් වැඩ කරවමු!



කවුරැත් දන්න දෙයක්නේ Nokia Phones වලට GPS තාක්ෂණය තියෙනවා කියලා. ඉතිං සමහරක් විට ඒ තාක්ෂණය වැඩ කරන්නෙ නෑ. මොකද මම එහෙම කියන්නේ මම අලුතෙන් ෆෝන් එකක් ගත්තා. ඒක Nokia E7 එකක්. ඉතිං මම ඕක රට ඉන්න යාලුවෙක්ට කියලයි ගෙන්ව ගත්තේ. ඉතිං මම ඕක ඇරගෙන වැඩ දදා ඉද්දී දැක්කා GPS ඇප්ලිකේෂන් එකත් තියෙනවා. ඔන්න ඉතිං ඕපන් කොරල බලද්දී එලම තමා. නියමෙට වැඩ. පොඩ්ඩක් ඉතිං ලංකාවෙයි , ලෝකෙ වටෙයි රවුමක් ගහ ගහ ඉද්දී චාර්ජ් එක බැස්සා. පස්සෙනෙ මතක් උනේ මේක චාර්ජ් එක හොඳටම බැහැල තිබ්බෙ කියලා. ඔන්න ඉතිං චාර්ජ් එකට ගහලා ආයෙත් ෆෝන් එක ඔන් කරලා GPS යන්න බැලුවා. ඕපන් වෙනවා විතරයි. මෙලෝ දෙයක් වැඩ නෑ. ඉතිං මාර අවුලනේ. මම Internet එකේ ඔය සීන් එක ගැන හොයලා බැලුවා.ඉතිං ඔන්න කෑලි කෑලි තැන් තැන් වලින් හොයාන කොහොම හරි වැඩේ ගොඩ දාගත්තා. දැං මගේ එකනම් නියමෙට වැඩ. අනික දැන් සැටලයිට් හතක් විතර එකපාරටම අහුවෙනවා. ඉතිං මට හිතුනා ඔයාලටත් මේ ප්‍රශ්නේ තිබුනොත් කියලා ඔන්න ඒ ප්‍රහ්නේ විසඳගන්න හැටි කියල දෙන්නයි යන්නේ. අනික මේ ක්‍රමයෙන් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකේ වගේ ජීපීස් ස්පීඩ් වීමකුත් වෙනවා. 

1. ඉස්සෙල්ලම phone එකේ Main Menu එකට යන්න.
2. ඊට පස්සේ Application වලට යන්න.
3. එතනින් GPS Data කියන එක තෝරන්න. 
4. ඒකෙ Option වලින් Positioning Settings වලට යන්න.
5. ඒකෙ තියෙන Positioning Methods කියන එකට ගිහින් පහළ සඳහන් කරල තියෙන වෙනස් කම් කරන්න.

  • Assisted GPS - 
  • Integrated GPS - √
  • Network Based - √
6. දැන් ආපහු Back යන්න.
7. එතනින්  Positioning Server යන්න. 
8. ඒකෙ Server Address කියන තැනට supl.nokia.com වෙනුවට supl.google.com ලබා දෙන්න.

මේකෙ තියෙන Access Point වලට ඔයාගේ Internet Access එක ලබාදීමද කල යුතුය.දැන් Phone එක Restart කර බලන්න කොහොමද GPS Load වීම කියලා. 



sony Ericsson  නම්  කරගන්නෙ මෙහෙමයි.


 * මුලින්ම Phone එකේ Main Menu එකට යන්න.
   
 * ඊට පස්සෙ Location යන්න.
   
 * ආයෙත් එක ඇතුලේ තියන Location යන්න.

 * එතනින් තෝරන්න  Positioning කියන එක.
    
* එහි තියෙන Positioning Method තුලට ගිහින් පහත් වෙනස්කම් කරන්න.


 Integrated GPS - √
 Network Based - √


    
* දැන් ආපහු බැක් යන්න.
    

* එතනින් Positioning Server යන්න.
    
* එහි Server Address කියන තැනට supl.sonyericsson.com වෙනුවට supl.google.com යන්න ලබාදෙන්න.

මේකෙ තියෙන  Access Point වලට ඔබගේ Internet Access එක ලබාදීමද කරන්න ඕනි. දැන් Phone එකRestart කර බලන්න කොහොමද GPS Load වීම කියලා..

එහෙනම් ඔන්න ආයෙත් අලුත් පෝස්ට් එකකින් හම්බවෙමු. ඔයාලට මේ පෝස්ට් එක වැදගත් උනානම් ෆලෝ පාරක් එහෙම දාන්න. තව දෙයක්. මේ ගැන ප්‍රශ්ණයක් හරි කියන්න හරි දෙයක් තියෙනවනම් කමෙන්ට් කරලම යන්න.




Powered By Thilina Rathnasekara and Harsha Prabath

Leave a comment

Mouse එක වෙනුවට නහය භාවිතා කරමු.



අද මං කියන්න යන්නේ අලුත්ම Software එකක් ගැනයි. එ වගේම මේක ගොඩක්ම අලුත් News එකකුත් වෙවි. මේකයි සීන් එක, ඔයාල ඔයාලගේ PC එක වැඩ කර කර ඉන්න ගමන් mouse එක එකපාරටම වැඩ කරන්නේ නැති වුනොත් මොකෝ කරන්නේ??? වෙන මොනා කරන්නද ඉතින් උඩ බලන් ඉන්න තමා වෙන්නේ.එ තරමටම අපිට mouse එක ඕන කරනවා. mouse එක නැතුව මුකුත් කරන්න බැහැ. ඊලඟ දවසේ mouse එකක් ගන්නකං ඉතින් පැත්තකට වෙලා ඉන්න තමා වෙන්නේ. ඔන්න ඕකට විසඳුමක් තමා අද මං කියන්න යන්නේ. එ තමයි අපේ mouse එක වෙනුවට නහය පාවිච්චි කරන එකයි. ඔයාල දැන් බලනවා ඇති මේ මොකක්ද මේ හරුපේ කියල.

                මුලින්ම මේකට වෙබ් කැම් එකක් ඕන කරන්වා. Laptop එකක් තියෙනවනම් වැඩෙ තවත් ලේසියි. තව මේ සඳහාම software එකක් තියෙනවා. එක free ගන්න පුළුවන්. මේකෙදි වෙන්නේ Software එක මාර්ගයෙන් තමන්ගේ මූණ mouse එක හැටියට භාවිතා කරන්න ඉඩ දීමයි. mouse එක හැටියට මූණ නාභිගත කරන්න තමා වෙබ් කැම් එක ඕනකරන්නේ. මොන වුනත් මේක නම් නියමයි. මං මේක try කරල බැලුවා. (මට තියෙනවනේ හැමදෙයක්ම try කරන අමාරුවක්. එකයි!!) වැඩේ නරකම නැහැ. නියමේට වැඩ.ඔයාලත් කැමතිනම් try කරලා බලන්න. මං මේ ගැන වැඩි විස්තර කියන්න යන්නේ නැහැ. මේකේ භාවිතය ගැන අදහසක් පල්ලේහා තියෙන Video ටික බලලා තේරුම් ගන්න. තව මේකට ඕන කරන Software එක බා ගන්න ඕනේ නම් පහළ තියෙන ලින්ක් එක ක්ලික් කරන්න.
                            මෙතනින් download කරගන්න....
වැඩි විස්තර...

Youtube Video ටික...

           මේක වැඩ කරන්නේ නම් Windows 7, Vista වලට විතරයි. එහෙනම් try කරල බලන්න. මං හිතනවා මේක හොඳ News එකක් වගේම Software එකක් වේවි කියලා. එහෙනම් යන්න කලින් ඔයාලගේ අදහසකුත් මේ සම්භන්ධයෙන් එකතු කරල යන්න. 


Leave a comment

"Not Responding" වලට තිත තියමු.


          


    මේකයි සීන් එක. ගෙදර PC එකක් තියෙනවනම් Not Responding කියන වචනේ අමුතු දෙයක් නෙමේ. කවුරුත් හොඳට දැකල පුරුදු error massage එකක්නේ... මේක ආව වෙලාවට තියෙන ඔක්කොම හිර වෙනවා ඒ ගැනනම් අලුතින් කියන්න ඕනේ නෑ හැමෝටම හොද අත්දැකීම් ඇති.. මොකක් හරි Program එකක් Not Responding කියල වැටුන ගමන්ම අපි මොකෝ කරන්නේ Task Manager එක open කරල End Task කරනවා. එත් සමහර වෙලාවට Program එක End Task කරලා දාන්නත් Task Manager එකත් එන්නැති අවස්ථා තියෙනවා. එතකොට තමා ඉතිං යකා නගින්නේ... ඉතිං ඕකට යකා නග්ග ගන්නේ නැතුව පොඩි ලේසි Trix එකක් තමා මේ කියන්න හදන්නේ. එහෙනම් අහගන්නකො....

          කොටින්ම කිවුවොත් මේක Registry එක edit කිරීමක්. මේකෙදි අපි කරන්නේ මොකක් හරි Program එකක් Not Responding වුන ගමන්ම අපි set කරන time එකට අනුව auto , Program එක End Task වෙලා යන එක. මේකෙදි PC එක Struck කරගන්නේ නැතුව ඉක්මනින් යථාතත්වයට ගන්න පුළුවන්.. වැඩේ කරන්නේ මෙන්න මෙහෙමයි...

01. පියවර
Start > Run > Regedit

02. පියවර
දැන් Registry Edier එක open වෙයි 
HKEY_CURRENT_USER > Control Panel > Desktop

03. පියවර
Desktop කියන එක ඇතුලේ තියෙන AutoEndTasks කියන string එකේ value එක 1 ලෙස වෙනස් කර ok කරන්න. ඉන්පසුව පහලින් තිබෙන WaitToKillAppTimeout කියන string එකට දෙන්න ඕනේ program එක endtask වෙන්න ඕන time එක (මිලි තත්පර වලින් )
          ඔන්න දැන් වැඩේ හරි. ඔයාලත් කරල බලන්න. machine එක හිර කරගන්නෙ නැතුව අපේ වැඩ ටික නියමේට කරගන්න මේක උදවු වේවි. එහෙනම් මෙ ලිපියෙන් ඔයාලට ප්‍රයෝජනයක් වුනානම් පොඩි comment එකක් දාල යන්න.

Leave a comment

තීන්ත නැතුව මුද්‍රණය කරමු

Dell ආයතනයෙන් දැන් නවතම හඳුන්වාදීමක් කර තිබෙනවා... ඒ තමයි තීන්ත නැතුව ප්‍රින්ට් කරන්න පුළුවන් අතේ අරන් යන්න පුළුවන් ප්‍රින්ටරයක්...
ඒ තමා 
Wasabi PZ310 මුද්‍රණ යන්ත්‍රය...

දැන් කවුරුත් බලනවා ඇති තීන්ත නැතුව කොහොමද බොලේ ප්‍රින්ට් කරන්නේ කියලා නේද?

ඒකට හේතුව තමා මේ ප්‍රින්ටරය භාවිතා කරන්නේ ZINK තාක්ශනය... ZINK කියන්නේ Zero Ink කියන එක කෙටි කරලා...
Zero Ink ගැන පස්සේ කියන්නම්... ඉස්සලම අපි බලමු මේ ප්‍රින්ටරයේ තියන තවත් විශේෂත්ව කීපයක්...

1. තීන්ත කාට්‍රිජ, රිබන් අනවෂ්‍යයයි...
2. අඟල් 2 * 3 ප්‍රමාණයේ ඉහල තත්වයේ ජායාරූප මුද්‍රණය කිරීම...
3. බර 225g පමණයි...
4. පහසුවෙන්ම අතේ ගෙන යන්න පුළුවන් (4.8 * 2.9 * 0.9)...
5. කොල 12ක් එකවර ගබඩා කර තබන්න පුළුවන්...
6. අප එදිනෙදා භාවිතා කරන උපකරන සමඟ පහසුවෙන් භාවිතා කරන්න පුළුවන්..(ජංගම දුරකථන, ලැප්ටොප්, ඩිජිටල් කැමරා)

දැන් බලන්නකො මේ හුරුබුහුටි වැඩකාරයා දිහා...
















දැන් මන් කියන්නම් මොකද්ද මේ Zero Ink Technology එක කියලා...

මේ තාක්ෂනය ගැන පරීක්ෂන පවත්වන්න ගත්තේ මීට අවුරුදු 10කට පමණ පෙර සිට... පලමු සාර්ථක ජායාරූපය එලි දකින්නේ 2001 වසරේ නත්තල් දවසෙදි... එතැන් සිට කෙමෙන් කෙමෙන් මේ තාක්ෂනය දියුණු උනා... රහස තියෙන්නේ අපි ප්‍රින්ට් කරන්න ගන්න කොලයෙ...
මේ කොලයෙ අඩංගු වෙනවා Yellow, Magenta & Cyan කියන වර්ණ තුන... ඒ උනාට අපිට පේන්නේ සාමාන්‍යය කොලයක් වගේමයි...පේ පාට 3 කොලයේ ලේයර්ස් 3ක් විදියට පවතින්නේ... ජායාරූපයක් මුද්‍රණය වනවිට ප්‍රින්ටරයෙන් කරන්නේ මේ කොලය රත් කරලා අවෂ්‍යය විදියට පාට මතු කරලා ගන්න එක... ඉතා පැහැදිලි වගේම වතුරට ඔරොත්තු දෙන ආකාරයේ ජායාරූපයක් අපට මේ භාවිතයෙන් ලබාගන්න පුළුවන්...

Leave a comment

පින්තුර අකුරු බවට පත් කිරීම.


    
                                             
ඔන්න තවත් Software එකක් අරගෙන අවා ... 

                                               
මේ ගැන  දන්න අයත් ඕන තරම් ඇති. කොහොම උනත් ඔන්න නොදන්නා අයට මේක ගොඩක් වැදගත් වෙයි .මේක ටිකක් විනෝදාත්මක වැඩක් 

මේකට කියන්නේ "Ascgen 2" කියල ඉතින් මේකෙන් කරන්නේ  ඔයාලගේ තියන ඕනෑම පින්තුර වර්ගයක්  ඒ කිව්වේ මේවා    bmp , .rle , .dib , .exif , .gif , .jpg , .jpeg , .jpe , .png , .tif , .tiff , .wmf , .emf
මේ  පින්තුර වර්ග ඔයාලට ඕන ව්දිහට "IMAGE TEXT ART" වලට අකුරු  කරන්න පුළුවන් .... තේරුනාද මන්ද .

මෙන් මේ  වගේ........... 
                                        
                                       ඉතින් කොහොමද......... වැඩේ... නරකද

මෙතනින් බා ගන්න...

             ඔතනින්ම  මේක හදපු Source Code පවා ගන්න පුළුවන්. 

1 Comment

Windows 7 මෙහෙයුම් පද්ධතිය Flash Drive එකකට




 Mini Lap එකකට Windows මෙහෙයුම් පද්ධතිය Install කර ගන්න ඕන. CD Drive එකක් නැති නිසා Pen Drive එකකින් තමයි කරන්න වෙන්නෙ. ඉතින් Pen Drive එක බූටබල් විදියට හදාගෙන Install කරන්නෙ කොහාමද? Windows 7  මෙහෙයුම් පද්ධතිය Flash Drive එකක් මාර්ගයෙන් පරිගණකයේ ස්ථාපනය කරගන්නේ කෙසේද? යන ගැටලු බොහෝ දෙනෙකුට තියෙනවා. දැන් ඒ ගැන කියන්නයි යන්නේ. ඇත්ත තමයි සමහර නෙට් බුක් පරිගණක වලත් මේ තැටි ධාවකය අඩංගුවෙන්නේ නෑ කියන එකයි. මේ සදහා අපිට මුලින්ම Windows 7.iso image එකක් අවශ්‍යයි.   Windows 7 DVD එකක් තියෙනවනම් එය iso image එකක් බවට පත් කරගන්න ඕන Magic ISO වගේ මෘදුකාංගයක් භාවිතයෙන්.

අවශ්‍ය දේවල්
  1. Windows 7 iso image එකක්
  2. DVD-R drive එකක් හෝ  4GB වලට වඩා ඉහල ධාරිතාවයකින් යුත් removable USB flash drive එකක්
  3. Windows 7 USB/DVD Tool එක. මේක මේ Microsoft ලම නිකුත් කරන එකක් නිසා බය වෙන්න හේතුවක් නෑ.  මෙතනින් බාගන්නත් පුලුවන්
හැබැයි මේ මෘදුකාංගය රන් වෙන්න නම් පහත ප්ලගින්ස් දෙකත් අවශ්‍ය වෙනවා.



  1.   Microsoft .NET Framework v2 මෙතනින් බාගන්න 
  2. Microsoft Image Mastering API v2 මෙතනින් බාගන්න


භාවිතා කරන්නේ කොහොමද?
  1. Download කරගෙන ස්ථාපනය කරගත්  Windows 7 USB/DVD tool එක රන් කරන්න.
  2. දැන්  Source Image box එකේදි   Windows 7 ISO file එකි තියෙන path එක හෝ  Browse කරල හරි ඒ ISO file  එක තෝරලා දෙන්න.
  3. USB ධාවකය USB port  එකට In කර  format කරගන්න. එහි දත්ත කිසිත් නැතිවගට ඔබ වගබලා ගත යුතුයි.
  4. ස්ථාපනය කරන්න යන්නේ  USB flash drive එකකටද නැත්නම්  DVD disk එකකටද කියල තෝරලා  Next කරන්න.
  5. ස්ථාපනය කරන්න යන්නේ USB flash drive එකට නම් dropdown list එකෙන්  USB device එක select කරල   Begin Backup යන්න click කරන්න. DVD එකටනම් ඒත්  ඒ විදිහටමයි.  
  6. දැන් මේ 7 දාගන්න ඕන PC එක restart කරල bios boot sequence එක USB Flash විදිහට හදලා බූට් කරලා බලන්න. DVD එකෙන් වගේම මේකත් bootable වෙලා තියෙනවා ඔබට පෙනේවි.                                                                                                                                                                                                                                                                                                                    by http://rathei.blogspot.com

Leave a comment

පරිගණක ලොව වෙනස්කරන අලුත්ම Intel ප්‍රොසෙසරය Sandy Bridge






පරිගණකයක සිදුවන සියලුම අභන්තර ක්‍රියාවලීන් පාලනය කරනු ලබන්නේ ප්‍රොසෙසරය මගිනි.ලෝකයේ ප්‍රොසෙසර් නිෂ්පාදනයේ දී  අංක එකේ සමාගමක් වන Intel සමගම විවිධ මිල ගණන් යටතේ හා විවිධ කාර්යක්ෂමතාවයෙන් යුත් ප්‍රොසෙසර් මාලදීන් ගණනාවක් වෙළඳපොළට හඳුන්වාදීමට සමත්ව ඇත. ප්‍රොසෙසර් වලට අමතරව Laptop හා Desktop පරිගණක මාලදි කිහිපයක්ම මෙම සමගම විසින් මේ වන විට හඳුන්වා දී ඇත. Intel සමාගමේ නවතම ව්‍යාපෘතිය Sandy Bridge ලෙස නම් කර ඇත. මේ යටතේ X58 Platform එක අනුගමනය කරමින් නවතම ප්‍රොසෙසරයක් Intel සමගම විසින් හඳුන්වා දෙන්නට යෙදිනි. මෙය Core i7 ප්‍රොසෙසරය සඳහා යොදාගත් තාක්ෂණයම යොදාගෙන එය තව දුරටත්
වැඩි දියුණු කර සාදන ලද ප්‍රොසෙසරයකි. මෙම නව ප්‍රොසෙසරය Sandy Bridge ප්‍රොසෙසරය ලෙස ලෙස හැඳින්වේ. මෙයට පෙර ඔව්න් විසින් හඳුන්වාදුන් ප්‍රොසෙසර් සියල්ලටම වඩා වැඩි කාර්යක්ෂමතාවයක් සහ අඩු විදුලිබලයකින් ක්‍රියාත්මක වීමේ හැකියාවක් මෙයට තිබෙයි.

Sandy Bridge ප්‍රොසෙසරය නනොමීටර 32 තාක්ෂනය යටතේ නිපදවන ලද ප්‍රොසෙසරයකි. මෙය Dual -Core Pentium හා Core i3, Core i5, Core i7 යන මාලදි කිහිපයෙන් ලබාගත හැක.                                                                                                                                                                                                                      

මෙම නව ප්‍රොසෙසරයේ ඇති විශේෂත්වය වන්නේ මෙහි ප්‍රොසෙසර් චිපය තුලම අඩංගු වන සේ වෙනම ම Graphic චිපයක්ද අන්තර්ගත වීමයි. මේ නිසා පරිගණකය සතු Graphic හැකියාව විශාල ලෙස ඉහල යන අතර High Definition Video හා Image Processing ආදී කටයුතු වලදී අධිකාර්යක්ෂමතාවයකින් යුතුව කටයුතු කල හැකිය. Intel Quick Sync Video ,HD Graphics යන නවීන තාක්ෂණයන්ට සහය දක්වන ආකාරයෙන් මෙම ප්‍රොසෙසරය නිර්මාණය කර තිබෙයි. මේ නිසා Video සංස්කරණය වැනි කාර්යයන් සඳහා මෙම ප්‍රොසෙසරය හොඳින් සහය දක්වයි. නමුත් වර්තමානයේ භාවිත වන මව්පුවරු වලට මෙම ප්‍රොසෙසරය සවි කල නොහැකිය. එයට හේතුව වන්නේ මෙය සවි කිරීමට වෙනම සොකට් එකක් හා මව්පුවරුවේ වෙනම චිප්සෙට් එකක් තිබියයුතු වීමයි. මෙම ප්‍රොසෙසරය සවි කිරීමට DDR3 තාක්ෂනය සහිත මව්පුවරුවක් තිබියයුතුය. මෙම ප්‍රොසෙසරය සඳහා නිර්මාණය කරනලද මව්පුවරුව SATA 6G තාක්ෂණයට සහය දක්වන එකකි. එමෙන්ම USB 3.0 තාක්ෂණයට මෙම මව්පුවරුව සහය දක්වයි. මේ නිසා වැඩි වේගයකින් දත්ත සම්ප්‍රේෂණය කිරීමේ හැකියාවක් ඇත.
මෙවන් මව්පුවරු වල  තිබෙන වැදගත්ම ලක්ෂණය වන්නේ වැඩි කාර්යක්ෂමතවයි. Sandy Bridge ප්‍රොසෙසරය සහිත මව්පුවරුවක් තිබෙන පරිගණකය සෙසු පරිගණක වලට වඩා වැඩි කාර්යක්ෂමතාවයකින් යුත් එකකි. නමුත් මෙම මව්පුවරු වල මිල සෙසු මව්පුවරු සමග සසඳා බැලීමේදී සාපේක්ෂව අඩුය. අඩු විදුලි බලයක් භාවිත කරමින් හා අඩු තාපයක් ජනනය කරමින් ක්‍රියාත්මක වන ප්‍රොසෙසරයක් වන මෙය වර්තමානයේ පරිගණක ක්‍රීඩා හා Graphic නිර්මාණකරණයේ නියැලෙන්නන් අතර බෙහෙවින් ජනප්‍රිය වෙමින් පවතින ප්‍රොසෙසරයක් වශයෙන් මෙම Sandy Bridge Processor ය හැඳින්වීමට හැක. මෙය අනාගතයේ පරිගණක ක්ෂේත්‍රය වෙනස්වීමට හැකි නිර්මාණයකි.
Comment එකක් දාන්න අමතකකරන්න එපා. 


by blogsameera

Leave a comment

domain නාමය වෙනස් කිරීමයි




ඔබගේ පහසුව සදහා අප අපගේ ඩොමිනය පහත අයුරින් වෙනස් කරුණු ලැබුණි 


www.gsnet.tk

Leave a comment

තාවකාලික E-mail Account සාදා ගැනීමට......




තමන්ට ඕනෑ වෙලාවක නැති වී යන E-Mail Account එකක් මෙම වෙබ් අඩවියෙන් සාදා ගැනීමට පුළුවන. විවිධ Online සේවා සඳහා E-Mail ලිපින ඉල්ලන විට තමන්ගේ සැබෑ ලිපින වෙනුවට මෙම විකල්ප ලිපිනය භාවිතා කරන්නට පුළුවන.


www.Tempalias.com )

2 Comments

Image එකක් විදියට files සඟවන්න


 files හංගන්න හදන්නේ image එකක් විදියට... ඔයා image එක උඩ click කලා ම load වෙන්නෙ image එක. නමුත් ඒක ඇතුලේ අපේ file එක හැංගිලා තියෙනවා. image ගොඩාක් තියෙද්දි කාටවත් හොයාගන්න බෑ, අපි විතරයිනේ දන්නේ මොකක්ද image එක කියලා! මේ වැඩේ කරන්න නම් WinRAR ඕනේ වෙනවා, ඒක හැමෝම ළඟ ඇතිනේ නේද? එහෙනම් වැඩේට ලෑස්ති වෙන්න.
මුලින්ම කරන්න තියෙන්නෙ ඔයා කැමති තැනක folder එකක් හදන එක.


ඔන්න මම C drive එකේ hidden කියලා folder එකක් හැදුවා.
දැන් ඒ folder එක ඇතුලට ඔයාට සඟවන්න ඕන file එක copy කරගන්න.






ඊළඟට ඒ file එක WinRAR භාවිතයෙන් zip කරගෙන rar file එකක් හදාගන්න.







දැන් ඉතින් කොහෙන්හරි image එකක්( .jpg ) අරගෙන ඒ folder එක ඇතුලටම copy කරගන්න. මම ගත්තෙ wwe.jpg කියන image එක හොඳද.







දැන් යන්න Command prompt එකට ( Start-> Run -> cmd ). එහෙම ගිහින් C:\ ඉදිරියෙන් මෙහෙම type කරන්න.



C:\hidden>copy/b wwe.jpg + hidden.rar wwe2.jpg

…දැන් Enter කරලා, cmd එකෙන් අයින් වෙන්න. දැන් අර hidden folder එක ඇතුලට wwe2.jpg කියලා image එකක් ඇවිත් නේද? ඒ image එක ඉතිරි වෙන්න අනිත් files ටික මකලා දාන්න. දැන් කවුරුහරි ඔය image එක open කලොත් image එක තමයි open වෙන්නේ. අපිට ආයෙත් අර සැඟවූ file එක ලබාගන්න ඕන වුනාම මේ විදියට Rename කරන්න. wwe2.jpg -> wwe2.rar. ආයෙත් සඟවන්න නම් ආයෙත් Rename කරන්න. ඔහොම තමයි වැඩේ සිද්ධ වෙන්නේ.



හරියට වැඩ කරන්නේ නැත්නම් Rename කලාට පස්සේ Tools -> Folder Options -> View ගිහින්
"hide extention for known files"Uncheck කරන්න.
by pariganakashan

Leave a comment

Facebook Email ලබා ගන්න:








මෙන්න Facebook වලින් ලබා දෙන අලුත්ම සේවාවක්?දැන් Facebook හරහා E mail යවන්නත් පහසුකමි ලබා දීලා තියෙනවා?ඒ කියන්නේ yourname@facebook.com කියලා E mail Address එකක් දැන් ලබා ගන්න පුලුවන්?facebook මුලින් තීරණය කරලා තිබුනේ මේ සේවාවට මුදල් ලබා ගන්න,ඒත් දැන් එහෙම නැතුව මෙ​ සේවාව Request කරලා ලබා ගන්න දීලා තියෙනවා?ඔයාලටත් මෙ සේවාව ලබා ගන්න ඔනි නමි පහලින් Request කරන්න?


                                                         මෙතනින් Request කරන්න      

Leave a comment

මෙන්න අපෙන් MOVIES!

මේකත් අපේ අලුත් සයිට් එකක්. මේකේ තියෙන්න තනිකර MOVIES.  අලුත් MOVIES DOWNLOAD කරන්න කැමති අයට මේ site 1 ගොඩක් ප්‍රොයෝජනවත් .


                               GSSNET MOVIES






Leave a comment

ආවා ආවා GAMES ආවා .-www.gamesmax.lk-

කිවූ පරිදි ඔබට මෙන්න අපෙන් ඔබට ගේම්ස් 



















THE GAMES ARE COME.


මෙන්න සයිට් එක


www.newgames1.tk

Leave a comment

ඔබගේ facebook ගිණුමේ ආරක්ෂාව තරකර ගන්න

අද වනවිට බොහොමයක් අන්තර්ජාලය බාවිතාකරන පිරිස වැඩිවශයෙන් යන එන සමාජ-ජාල වෙබ් අඩවියක් තමයි facebook කියන්නේ. ඉතින් සමහරුන්ට තමන්ගේ facebook profile එක කියන්නේ තමන්ගේ ජිවිතයම වගේනේ..... 
ඉතින් ඔය අතරේ අපේ වටිනා කියන විස්තර සහ චායාරූප හොරකන් කරන්න
 අන්තර් ජාල




 හොරුත් බලාගෙන ඉන්නවා .තවත් සමහර අය අපේ ගිණුමට හොරෙන් ඇතුල් වෙලා User 
  
  Name , Password




වෙනස්කරන්නත් උත්සහ කරනවා.
 මෙන්න මේ දේවල් වලින් අපේ ගිණුම ආරක්ෂා කරගන්න පහත දීල


තියෙන ආරක්ෂක ක්‍රියාමාර්ග සහ උපදෙස් අනුගමනය කරන්න.


01). ෆේස් බුක් ලොග් වෙලා දකුණු පැත්තේ තියෙන Account Settings


වලට යන්න.







එතන ක්ලික් කලාම මෙන්න මේ පේජ් එක එයි 
















02).  එතනට ගිහිල්ල Account Security කියන තැන change ක්ලික් කරන්න.


දැන් මෙන්න මේ විධියට පේජ් එකක් එයි 




මෙතන ඊතල දෙකෙන් පෙන්නලා තියෙන 




check box දෙක tick කරලා  save කරන්න .





Secure browsing (https)
03). මීළඟට කියන්නේ කවුරු හරි කෙනෙක් ඔයාගේ ෆේස් බුක් එකවුන්ට් ලොග් වුනොත් එකත් දැනගන්න පුළුවන් විධියක් 












When a new computer or mobile device logs into this account:


අපි හිතමු කාර්යාලයේදී නම් එකට "Office-PC-002" වගේ කැමති නමක්.


එතකොට මෙන්න මේ පණිවිඩය ඔයාගේ e-mail එකටත් යනවා ....ඒ වගේම Account Security වලත් save වෙනවා.


මේ තියෙන්නේ උදාහරණ කීපයක්.











ඉතින් මේ විධියට ඔයාගේ එකවුන්ට් එකට නොදන්නා කෙනෙක් ලොග් උනොත් ඒක ඔයාට දැනගන්න පුළුවන් .


මේ තියෙන්නේ අන්න ඒ වගේ අවස්ථාවක් ...














1 Comment