WELCOME TO THE ESTATE OF GSNET.GIVING ENTERTAINTMENT EVERYTIME.JOIN WITH US.IT'S FOR YOU.....

වින්ඩෝස් 7 ලොගින් ස්ක්‍රීන් එකට ඔබ කැමති රූපයක් දාගන්න

මෙවර කියල දෙන්න යන්නේ වින්ඩෝස් 7 වලදී ලොගින් වෙනකොට එන ස්ක්‍රීන් එකට ඔබ කැමති පින්තූරයක් දාගන්න ආකාරය ගැනයි. හැබැයි මේ ක්‍රමය වැඩ කරන්නේ වින්ඩෝස් 7 වල විතරයි.
මේ සඳහා අපිට සිදු වෙනවා වින්ඩෝස් රේජිස්ට්‍රියේ පොඩි වෙනසක් සිදු කරන්න..
බලමු ඒක කරන ආකාරය පියවරෙන් පියවර..
01 ) වින්ඩෝස් කී එකයි R කී එකයි එකවර ඔබල එන run එකේ regedit කියල ටයිප් කරල වින්ඩෝස් රෙජිස්ට්‍රි එකට යන්න. 







02) දැන් HKEY_LOCAL_MACHINE  කියන තැන රයිට් ක්ලික් කරලා Find සිලෙක්ට් කරන්න. එතන OEMBackground කියල ටයිප් කරලා next ක්ලික් කරන්න. දැන් ටික වෙලාවකින් එයි රෙජිස්ට්‍රි එකක්. (රූපය බලන්න.)





දැන් ඔය එන OEMBackground (DWORD) කියන රෙජිස්ට්‍රි ෆයිල් එක ඩබල් ක්ලික් කරලා දීල තියෙන රෙජිස්ට්‍රි value එක 1 කරන්න(සාමාන්‍යයෙන් එක තියෙන්නේ 0 විදියට) ..
 කරලා ok කරන්න.










දැන් රෙජිස්ට්‍රියේ වැඩ ඉවරයි...එක ක්ලෝස් කරන්න..

03) ඊට පස්සේ මෙන්න මේකට යන්න C:\Windows\System32\Oobe
ඔතන info කියල ෆෝල්ඩර් එකක් නැත්නම් ඒ නමින් එකක් හදන්න..(තියෙනවනම් ඕනේ නෑ.)



04) දැන් ඒ හදපු info ෆෝල්ඩර් එක ඇතුලේ තවත් අලුත් ෆෝල්ඩර එකක් හදල එක backgrounds කියල නම් කරන්න. ඒක ඇතුලට ඔයා කැමති පින්තූරයක් දාල ඒ පින්තූරේ  backgroundDefault.jpg කියල නම් කරන්න. .jpg කිව්වේ ඉමේජ් ටයිප් එක. (සැ .යු. = භාවිත කරන පින්තූරය 256kb ට වඩා වැඩි නොවිය යුතු අතර .jpg ෆෝමැට් ඒකෙන් විය යුතුය.තවද එය ඔබේ screen resolution වලට ගැලපුනේ නැතිනම් දෙපසට ඇදී හෝ සමහරවිට පොඩිවී දර්ෂණය විය හැකිය ) .








05) ඔන්න ඔච්චරයි . බලන්න හරියටම මම කියපු නම් සහ පියවර  භාවිත කලාද කියල . මොකද එක අකුරක් වැරදුනත් මේක වැඩ නොකරන්න පුළුවන්.
දැන් ඔබ ලොගින් හා ලොගවුට් වෙන වෙලාවට වින්ඩෝස් ස්ක්‍රීන් එක වෙනුවට ඉහතදී භාවිත කල පින්තූරය දැකගන්න පුළුවන්...



දිගටම අපිත් එක්ක රැදිලා ඉන්න........

Bookmark the permalink.

One Response to වින්ඩෝස් 7 ලොගින් ස්ක්‍රීන් එකට ඔබ කැමති රූපයක් දාගන්න