WELCOME TO THE ESTATE OF GSNET.GIVING ENTERTAINTMENT EVERYTIME.JOIN WITH US.IT'S FOR YOU.....

Windows 7 මෙහෙයුම් පද්ධතිය Flash Drive එකකට




 Mini Lap එකකට Windows මෙහෙයුම් පද්ධතිය Install කර ගන්න ඕන. CD Drive එකක් නැති නිසා Pen Drive එකකින් තමයි කරන්න වෙන්නෙ. ඉතින් Pen Drive එක බූටබල් විදියට හදාගෙන Install කරන්නෙ කොහාමද? Windows 7  මෙහෙයුම් පද්ධතිය Flash Drive එකක් මාර්ගයෙන් පරිගණකයේ ස්ථාපනය කරගන්නේ කෙසේද? යන ගැටලු බොහෝ දෙනෙකුට තියෙනවා. දැන් ඒ ගැන කියන්නයි යන්නේ. ඇත්ත තමයි සමහර නෙට් බුක් පරිගණක වලත් මේ තැටි ධාවකය අඩංගුවෙන්නේ නෑ කියන එකයි. මේ සදහා අපිට මුලින්ම Windows 7.iso image එකක් අවශ්‍යයි.   Windows 7 DVD එකක් තියෙනවනම් එය iso image එකක් බවට පත් කරගන්න ඕන Magic ISO වගේ මෘදුකාංගයක් භාවිතයෙන්.

අවශ්‍ය දේවල්
  1. Windows 7 iso image එකක්
  2. DVD-R drive එකක් හෝ  4GB වලට වඩා ඉහල ධාරිතාවයකින් යුත් removable USB flash drive එකක්
  3. Windows 7 USB/DVD Tool එක. මේක මේ Microsoft ලම නිකුත් කරන එකක් නිසා බය වෙන්න හේතුවක් නෑ.  මෙතනින් බාගන්නත් පුලුවන්
හැබැයි මේ මෘදුකාංගය රන් වෙන්න නම් පහත ප්ලගින්ස් දෙකත් අවශ්‍ය වෙනවා.



  1.   Microsoft .NET Framework v2 මෙතනින් බාගන්න 
  2. Microsoft Image Mastering API v2 මෙතනින් බාගන්න


භාවිතා කරන්නේ කොහොමද?
  1. Download කරගෙන ස්ථාපනය කරගත්  Windows 7 USB/DVD tool එක රන් කරන්න.
  2. දැන්  Source Image box එකේදි   Windows 7 ISO file එකි තියෙන path එක හෝ  Browse කරල හරි ඒ ISO file  එක තෝරලා දෙන්න.
  3. USB ධාවකය USB port  එකට In කර  format කරගන්න. එහි දත්ත කිසිත් නැතිවගට ඔබ වගබලා ගත යුතුයි.
  4. ස්ථාපනය කරන්න යන්නේ  USB flash drive එකකටද නැත්නම්  DVD disk එකකටද කියල තෝරලා  Next කරන්න.
  5. ස්ථාපනය කරන්න යන්නේ USB flash drive එකට නම් dropdown list එකෙන්  USB device එක select කරල   Begin Backup යන්න click කරන්න. DVD එකටනම් ඒත්  ඒ විදිහටමයි.  
  6. දැන් මේ 7 දාගන්න ඕන PC එක restart කරල bios boot sequence එක USB Flash විදිහට හදලා බූට් කරලා බලන්න. DVD එකෙන් වගේම මේකත් bootable වෙලා තියෙනවා ඔබට පෙනේවි.                                                                                                                                                                                                                                                                                                                    by http://rathei.blogspot.com

Bookmark the permalink.

Leave a reply