WELCOME TO THE ESTATE OF GSNET.GIVING ENTERTAINTMENT EVERYTIME.JOIN WITH US.IT'S FOR YOU.....

Facebook එකවුන්ට් එක හැක් කරපු වෙලේම දැනගමුද?


 

මාතෘකාව දැක්කම නම් හිතාගන්න පුලුවන්නේ කොහොම දෙයක්ද කියල දෙන්න යන්නේ කියලා. . ඉතිං මේකට හොඳම ආරක්ෂක විධි විධාන අපිට ෆේස්බුක් එක විසින්ම ලබා දීල තියෙනවා. සමහර අයනම් මේ ගැන දන්නවත් ඇති. ඒත් මේ කියල දෙන්නේ නොදන්නා අයටයි. එහෙනම් බලාගන්න.
මේකෙන් වෙන්නේ ඔයාගේ එකවුන්ට් එක කවුරැ හරි හැක් කරන්න හරි නැත්නම් වෙන කෙනෙක් ඔයාගේ එකවුන්ට් එකට ඇතුලු උන ගමන්ම ඔයාගේ ජංගම දුරකථනයට ඒ වෙලේම ටෙක්ස් මැසේජ් එකක් එනවා. ඉතිං අපි බලමු ඒ ෆියුචර් එක අපි කොහොමද අපේ එකවුන්ට් එකට ඇතුලත් කරගන්නා ආකාරය. ඔන්න පින්තූරත් එක්කම මම ඔයාලට දාල තියෙනවා.


මුලින්ම ඔයාලගේ එකවුන්ට් එකට ලොග් වෙලා Account වල තියෙන Account Settings වලට යන්න.

ඊට පස්සේ එකවුන්ට් සෙටින්ග්ස් වල තියෙන Account Security කියන එක උඩින් ක්ලික් කරන්න. එතකොට පල්ලෙහා රෑපෙ විදිහට එකක් ඕපන් වෙයි.
Account Settings ----> Account Security

දැන් ඔයාලට ඕපන් උනු වින්ඩෝ එකේ Send Me a Text Message කියන එක ඉස්සරහින් තියෙන කොටුව උඩ ක්ලික් කරන්න. එතකොට ඒ කොටුවේ හරි ලකුණක් වැටෙයි. ඊට පස්සේ Save බට්න් එක ක්ලික් කරන්න.
Account Security ---> Send me a Text Message ----> Save

සේව් කරල ඉවර වෙලා ඔයාල ලොග් අවුට් වෙලා ආයෙත් ලොග් වෙන්න. එතකොට ඔයාලව රෙජිස්ටර් කරන්න හදනවා. එතනට ඔයාගේ ඔයාගේ පරිගණකයේ නම ලබා දෙන්න.

දැං ඉතින් කවුරැ හරි වෙන කෙනෙක් ඔයාගේ එකවුන්ට් එකට ලොග් උනොත් හරි , හැක් කරන්න හැදුවොත් හරි ඔයාගේ ජංගම දුරකථනයට හරි නැත්නම් ඔයාගේ ඊමේල් ලිපිනයට හරි මැසේජ් එකක් එනවා. 
( ජංගම දුරකතනයට මැසේජ් එකක් එන්නේ ඔයා ෆේස්බුක් එකේ මොබයිල් මැසේජ් සෙට් කරං තියෙනවනම් විතරයි)

blogshan

Bookmark the permalink.

Leave a reply