WELCOME TO THE ESTATE OF GSNET.GIVING ENTERTAINTMENT EVERYTIME.JOIN WITH US.IT'S FOR YOU.....

තීන්ත නැතුව මුද්‍රණය කරමු

Dell ආයතනයෙන් දැන් නවතම හඳුන්වාදීමක් කර තිබෙනවා... ඒ තමයි තීන්ත නැතුව ප්‍රින්ට් කරන්න පුළුවන් අතේ අරන් යන්න පුළුවන් ප්‍රින්ටරයක්...
ඒ තමා 
Wasabi PZ310 මුද්‍රණ යන්ත්‍රය...

දැන් කවුරුත් බලනවා ඇති තීන්ත නැතුව කොහොමද බොලේ ප්‍රින්ට් කරන්නේ කියලා නේද?

ඒකට හේතුව තමා මේ ප්‍රින්ටරය භාවිතා කරන්නේ ZINK තාක්ශනය... ZINK කියන්නේ Zero Ink කියන එක කෙටි කරලා...
Zero Ink ගැන පස්සේ කියන්නම්... ඉස්සලම අපි බලමු මේ ප්‍රින්ටරයේ තියන තවත් විශේෂත්ව කීපයක්...

1. තීන්ත කාට්‍රිජ, රිබන් අනවෂ්‍යයයි...
2. අඟල් 2 * 3 ප්‍රමාණයේ ඉහල තත්වයේ ජායාරූප මුද්‍රණය කිරීම...
3. බර 225g පමණයි...
4. පහසුවෙන්ම අතේ ගෙන යන්න පුළුවන් (4.8 * 2.9 * 0.9)...
5. කොල 12ක් එකවර ගබඩා කර තබන්න පුළුවන්...
6. අප එදිනෙදා භාවිතා කරන උපකරන සමඟ පහසුවෙන් භාවිතා කරන්න පුළුවන්..(ජංගම දුරකථන, ලැප්ටොප්, ඩිජිටල් කැමරා)

දැන් බලන්නකො මේ හුරුබුහුටි වැඩකාරයා දිහා...
















දැන් මන් කියන්නම් මොකද්ද මේ Zero Ink Technology එක කියලා...

මේ තාක්ෂනය ගැන පරීක්ෂන පවත්වන්න ගත්තේ මීට අවුරුදු 10කට පමණ පෙර සිට... පලමු සාර්ථක ජායාරූපය එලි දකින්නේ 2001 වසරේ නත්තල් දවසෙදි... එතැන් සිට කෙමෙන් කෙමෙන් මේ තාක්ෂනය දියුණු උනා... රහස තියෙන්නේ අපි ප්‍රින්ට් කරන්න ගන්න කොලයෙ...
මේ කොලයෙ අඩංගු වෙනවා Yellow, Magenta & Cyan කියන වර්ණ තුන... ඒ උනාට අපිට පේන්නේ සාමාන්‍යය කොලයක් වගේමයි...පේ පාට 3 කොලයේ ලේයර්ස් 3ක් විදියට පවතින්නේ... ජායාරූපයක් මුද්‍රණය වනවිට ප්‍රින්ටරයෙන් කරන්නේ මේ කොලය රත් කරලා අවෂ්‍යය විදියට පාට මතු කරලා ගන්න එක... ඉතා පැහැදිලි වගේම වතුරට ඔරොත්තු දෙන ආකාරයේ ජායාරූපයක් අපට මේ භාවිතයෙන් ලබාගන්න පුළුවන්...

Bookmark the permalink.

Leave a reply